Tuesday, May 20, 2014

දැරිය හැකි වියදමට නිවසක් ඉදිකිරීම - “Affordable Housing Option”


නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ පුහුණු හා පර්යේෂණ අංශය වන නිවාස සැලසුම් හා ගොඩනැගිලි මධ්‍යස්ථානය (Centre for Housing Planning and Building - CHPB) 2004 වර්ෂයේදි දැරිය හැකි වියදමට නිවසක් ඉදිකිරීම” යන තේමාව යටතේ සම්මන්ත්‍රනයක් පවත්වන ලදී.

එහිදී නිවාස ඉදිකරන්නන් හා නිවාස පිලිබදව පර්යේෂණ කටයුතුවල යෙදී සිටින රජයේ හා පෞද්ගලික ආයතනවලින් කරන ලද ඉල්ලීම අනුව අඩු වියදමින් නිවසක් ඉදිකරන තාක්ෂණයන් පිලිබදව  තොරතුරු එම සම්මන්ත්‍රනයේදී ලබා ගනීමට CHPB ආයතනයට හැකි විය.

එම තොරතුරු එක්‍ රැස්කර නිවසක් CHPB ආයතන භුමියේ සාදා නිමකර අවශ්‍ය තොරතුරු පුහුණු වැඩ සටහන්, දේශන හා ප්‍රදර්ශන මගින් ප්‍රචලිත කර මහජනතාවට ද ලබා දී ඇත.

මෙහිදී ප්‍රධාන වශයෙන් නව බිත්ති ඉදිකිරීමේ ක්‍රම වේදීන් දෙකක තොරතුරු ලබා ගැනීමට හැකි වූ අතර නිවස ඉදිකිරීමෙන් බිත්ති සෑදීම පිලිබදව ප්‍රයෝගිකය දැනුමක් ලැබුණි. නරඹ්න්නන්හට බිත්තිවල ස්වභාවය දැක බලා ගැනීමට ද ස්ලස්වන ලදී.

මීට අමතරව ඒ සදහා යන වියදම වෙන් වෙන් වශයෙන් ගනනය කර අඩු වියදමකින් මෙම බිත්ති තැනිය හැකි බව පෙන්වා දී ඇත. මෙම නිවස ඉදිකිරීමෙන් කාලයත් සමග බිත්තිවල පැවැත්ම පිලිබදව වටිනා තොරතුරු ඉදිරියේදී ලබා ගැනීමට හැකිවනු ඇත.  


            
CHPB ආයතන භුමියේ සාදා ඇති නිවස

නව බිත්ති ක්‍රම:
1.      ගල්කුඩු හා සිමෙන්ති මිශ්‍රණයෙන් යකඩ අචිචුව මගින් බිත්ති සෑදීම. ජාතික ඉංජිනේරු  හා පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය මගින් මෙම තාක්ෂණය හදුන්වා දී තිබුණි. මේ සදහා ආචාර්‍ය ඒ. ස්. එන්. කුලසිංහ මහතා විසින් හදුන්වා දී තිබූ “ Slip Form” අච්චුව භාවිතයට ගෙන තිබුණි.

2.      පස් හා සිමෙන්ති යොදා යන්ත්‍රාණුසාරයෙන් සම්පීඩන කර තනන ලද CSEB (Cement Stabilized Earth Block) ගල් මගින් බිත්ති බැදීම. මේ සදහා මොරටුව විශ්වවිද්‍යාලය මගින් අවශ්‍ය පර්යේෂණයන් කර තිබුණි.

3.      ඉහත 1 හා 2 සම්බන්ධ කර CHPB ආයතනය මගින් හදුන්වා දෙන ලද පස් හා සිමෙන්ති තාප්ප (Cement Stabilized Rammed Earth) බිත්ති.

ඉහත බිත්ති පිලිබදව වෙන් වෙන්ව පැහැදිලි කිරීමක් මීලගට ඉදිරිපත් කිරීමට බලාපොර්රොත්තු වෙමු.

පස් භාවිතයෙන් නිවාස ඉදි කිරිම


පස් භාවිතයෙන් නිවාස ඉදිකිරීම ඉතා පැරණි තාක්ෂණික ක්‍රමයක් ලෙස හැදින්වෙ. මෙම තාක්ෂණය අප රටේද භාවිතා කර ඇත. එම නිවාස තවමත් හොද තත්වයේ පවතින බව අපි දනිමු.

කාර්මික විප්ලවයෙන් පසු විකල්ප අමුද්‍රවයන් වන සිමෙන්ති, කොන්ක්‍රීට්, ගඩොල්, යකඩ යනාදිය භාවිත විම හේතුවෙන් පස් භාවිතය අඩුවිය. මෙහිදි බහුල වශයෙන් ගංගා වලින් ලබා ගන්නා වැලි අවශ්‍ය විය.

ඉහත අමුද්‍රවයයන්ගේ සීඝ්‍ර භාවිතය නිසා ඇතිවු ඉල්ලුමත් හිගකමත් එම අමුද්‍රවයයන් මිල ඉහල යාමට හේතුවිය. අද නිවසක් ඉදිකීරීමට යන වියදම මේනිසා වැඩිවී ඇති බව අපි දනිමු. පස් නිවාසවල බිත්ති බැදීම සදහා යොදා ගැනීම දැන් නැවතත් ආරම්භ වී ඇත. මේ සදහා නොයෙකුත් පර්යේෂණ කටයුතු දියුණු රටවල පවා අද කරගෙන යනු ලබයි. අප රටේද පර්යේෂණ ස්වල්ප ප්‍රමාණයක් මේවනවිට කර ඇත.

පස් භාවිතයෙන් නිවාස ඉදිකිරිම අද ඉතාමත් කාලෝචිත වන අතර ඒ සදහා දැනුවත් කීරීමේ අරමුණින් හා කරන ලද පර්යේෂණයන් පිළිබදව තොරතුරු පහැදිලි කිරීමේ අරමුණින් මෙම් බ්ලොග් අඩවිය ඇතිකිරීමට අදහස් කරන ලදී.

මෙහිදී විශේෂයෙන් තාප්ප බිත්ති තාක්ෂණය ගැන තොරතුරු ඉදිරිපත් කෙරේ.

මෙම තාක්ෂණය තවත් ඉහල මට්ටමකට ගෙන ඒමට අවශ්‍යපර්යේෂණයන් කරනු ලබන අයට හා මෙම තාක්ෂණය භාවිතයෙන් නිවාස ඉදිකරන්නන්ට මෙම තොරතුරු ලබාදීම මෙහි අනෙක් අරමුණවේ.

තවද, මෙහිදී ඇතිවෙන ගටළු හදුනා ගැනීම අවශ්‍ය වන අතර ඒ සදහා  අවශ්‍යවිසදුම් සොයා යාමටත් ඒවා ක්‍රියාවේ යෙදීමටත් පස් නිවාස ඉදිකිරීම සදහා උනන්දුවක් ඇති අපි සියලු දෙනාගේ බලාපොරොත්තුව බව මතක් කරමු.

ඔබගේ අදහස් ද මෙයට එකතු කරන මෙන් ඉල්ලා සිටිමු.