Tuesday, May 20, 2014

දැරිය හැකි වියදමට නිවසක් ඉදිකිරීම - “Affordable Housing Option”


නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ පුහුණු හා පර්යේෂණ අංශය වන නිවාස සැලසුම් හා ගොඩනැගිලි මධ්‍යස්ථානය (Centre for Housing Planning and Building - CHPB) 2004 වර්ෂයේදි දැරිය හැකි වියදමට නිවසක් ඉදිකිරීම” යන තේමාව යටතේ සම්මන්ත්‍රනයක් පවත්වන ලදී.

එහිදී නිවාස ඉදිකරන්නන් හා නිවාස පිලිබදව පර්යේෂණ කටයුතුවල යෙදී සිටින රජයේ හා පෞද්ගලික ආයතනවලින් කරන ලද ඉල්ලීම අනුව අඩු වියදමින් නිවසක් ඉදිකරන තාක්ෂණයන් පිලිබදව  තොරතුරු එම සම්මන්ත්‍රනයේදී ලබා ගනීමට CHPB ආයතනයට හැකි විය.

එම තොරතුරු එක්‍ රැස්කර නිවසක් CHPB ආයතන භුමියේ සාදා නිමකර අවශ්‍ය තොරතුරු පුහුණු වැඩ සටහන්, දේශන හා ප්‍රදර්ශන මගින් ප්‍රචලිත කර මහජනතාවට ද ලබා දී ඇත.

මෙහිදී ප්‍රධාන වශයෙන් නව බිත්ති ඉදිකිරීමේ ක්‍රම වේදීන් දෙකක තොරතුරු ලබා ගැනීමට හැකි වූ අතර නිවස ඉදිකිරීමෙන් බිත්ති සෑදීම පිලිබදව ප්‍රයෝගිකය දැනුමක් ලැබුණි. නරඹ්න්නන්හට බිත්තිවල ස්වභාවය දැක බලා ගැනීමට ද ස්ලස්වන ලදී.

මීට අමතරව ඒ සදහා යන වියදම වෙන් වෙන් වශයෙන් ගනනය කර අඩු වියදමකින් මෙම බිත්ති තැනිය හැකි බව පෙන්වා දී ඇත. මෙම නිවස ඉදිකිරීමෙන් කාලයත් සමග බිත්තිවල පැවැත්ම පිලිබදව වටිනා තොරතුරු ඉදිරියේදී ලබා ගැනීමට හැකිවනු ඇත.  


            
CHPB ආයතන භුමියේ සාදා ඇති නිවස

නව බිත්ති ක්‍රම:
1.      ගල්කුඩු හා සිමෙන්ති මිශ්‍රණයෙන් යකඩ අචිචුව මගින් බිත්ති සෑදීම. ජාතික ඉංජිනේරු  හා පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය මගින් මෙම තාක්ෂණය හදුන්වා දී තිබුණි. මේ සදහා ආචාර්‍ය ඒ. ස්. එන්. කුලසිංහ මහතා විසින් හදුන්වා දී තිබූ “ Slip Form” අච්චුව භාවිතයට ගෙන තිබුණි.

2.      පස් හා සිමෙන්ති යොදා යන්ත්‍රාණුසාරයෙන් සම්පීඩන කර තනන ලද CSEB (Cement Stabilized Earth Block) ගල් මගින් බිත්ති බැදීම. මේ සදහා මොරටුව විශ්වවිද්‍යාලය මගින් අවශ්‍ය පර්යේෂණයන් කර තිබුණි.

3.      ඉහත 1 හා 2 සම්බන්ධ කර CHPB ආයතනය මගින් හදුන්වා දෙන ලද පස් හා සිමෙන්ති තාප්ප (Cement Stabilized Rammed Earth) බිත්ති.

ඉහත බිත්ති පිලිබදව වෙන් වෙන්ව පැහැදිලි කිරීමක් මීලගට ඉදිරිපත් කිරීමට බලාපොර්රොත්තු වෙමු.

No comments:

Post a Comment